“කොවිඩ් 19“ වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1,775ක්.

පෙබ 17, 2020

    ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් 400 දෙනෙකු අද ඉවත් කර ගැනුණා.

    එම පිරිස විශේෂ ගුවන් යානා දෙකකින් ජපානයෙන් අමෙරිකාව බලා පිටත් වූයේ අද අලුයම. මේ අතර, චීනයේ විශාලතම දේශපාලන එකමුතුව ලෙස සැලකෙන වාර්ෂික පාර්ලිමේන්තු හමුව කල් තැබීමට ද චීන බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ වනවිට වෛරසයෙන් මියගිය පිරිස 1,775ක්.

    “කොවිඩ් නයින්ටීන්“ වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් චීනයෙන් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, රෝගය වැළඳුණු පිරිස 70,500කට අධිකයි. ඊයේ දිනයේ දී මරණ 105ක් වාර්තා වුණා. සුවය ලැබූ රෝගීන් 1,500කට ආසන්න පිරිසක් ඊයේ දිනයේ දී චීනය පුරා රෝහල්වලින් පිටව ගියා. මේ අතර, ජපානයේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 355 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඊයේ දිනයේ දී තවත් රෝගීන් 790 දෙනෙකු වාර්තා වුණා. යාත්‍රාවේ ගමන් කළ 3,700ක මගීන්ගෙන් අමෙරිකානු පුරවැසියන් ඉවත් කර ගැනීමට එම බලධාරීන් අද පියවර ගත්තා. වෛරසය වැළඳුණු අමෙරිකානුවන් 40 දෙනෙකුට ප්‍රතිකාර ලබා දෙන්නේ, ජපානයේ දී. රටවල් 25කටය අධික සංඛ්‍යාවකට ව්‍යාප්තව ඇති කොවිඩ් නයින්ටීන් වෛරසයේ අනාගතය පිළිබඳ අනාවැකි පළ කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    Latest News