වසර 05කට පසුව ජපාන ආර්ථිකයේ අඩුම වර්ධන අගය වාර්තා වෙයි

පෙබ 17, 2020

    වසර 05කට පසුව ජපාන ආර්ථිකයේ අඩුම වර්ධන අගය අද වාර්තා වුණා.

    ඉකුත් කාර්තුවේ අපේක්‍ෂිත ආර්ථික වර්ධනයට වඩා එය 6.3%ක සීඝ්‍ර පසුබෑමක්. ලොව විශාලතම තෙවැනි ආර්ථිකයට හිමිකම් කියන්නේ ජපානයයි. එහි දළ දේශීය නිෂ්පාදනය 6%කින් පහළ ගොස් තිබෙනවා. ටයිපූන් සුළි කුණාටුව හා ගෝලීය ඉල්ලුම පහළ යාම මෙම තත්වයට හේතුවයි. “කොවිඩ් නයින්ටීන්“ වෛරසයේ ව්‍යාප්තිය ද ජපාන ආර්ථිකයට බලපා තිබෙනවා. බදු ඉහළ නැංවීමේ බලපෑම සමනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 120ක් ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයාගේ රජය ඉකුත් දෙසැම්බර් මාසයේ දී අනුමත කළා. කෙසේ වුවද ඉදිරි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තවත් පහළ යා හැකි බවට, අනාවැකි පළ වනවා.

    Latest News