කොරෝනා වෛරසය ලෝකයට තර්ජනයක්..WHO

පෙබ 12, 2020

    චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය සෙසු ලෝකයට ඉතා බරපතල තර්ජනයක් වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධාන පවසන්නේ, දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල් හඳුනාගෙන රෝගය බෝවීම නැවැත්විය යුතු බවයි. මේ වන විට මරණ සංඛ්‍යාව 1,017ක් ඇතුළුව තහවුරු වූ රෝගීන් 42,708ක් හඳුනාගෙන තිබේ. රෝගය වාර්තා වූ අනෙකුත් රටවල් 24කින් එක් මරණයක් වාර්තා විය. ලෝක සෞඛ්‍ය සංවිධානය දින දෙකක රැස්වීමක් ආරම්භ කළ අතර, එහිදී වෛරස් සාම්පල පර්යේෂණ වේගවත් කරන ලෙස ද ඉල්ලීමක් කර තිබෙන බව සඳහන්.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 09:31

    Latest News