කොරෝනා වෛරසය කොවිඩ් 19 ලෙස නම් කෙරේ

පෙබ 12, 2020

    නව කොරෝනා වෛරසය කොවිඩ් 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරයි.

    ජීනීවා හි ඊයේ (11) පැවැති රැස්වීමකින් අනතුරුව මෙසේ නම් කර ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

    මේ අතර, කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය පවසයි.

    චීනය තුළ ඊයේ දිනයේදී වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015කි.

    ඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 1113ක් දක්වා වර්ධනය වී ඇති අතර, චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,653ක් වේ.

    Latest News