ප්‍රාන්ත විසුරුවීමේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දෙසැ 11, 2018

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ඡම්බු හා කාෂ්මීර ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කරයි.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු රන්ජන් ගොගොයි ප්‍රකාශ කළේ, ආණ්ඩුකාරවරයාගේ තීන්දුවට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා නොකරන බවයි. බෙදුම්වාදී යුද්ධයක් පවතින ජම්මු හා කාෂ්මීරයේ ප්‍රාන්ත සභාව ආසන 87කින් සමන්විතයි. එහි පවතින්නේ භාරතීය ජනතා පක්ෂ පාලනයකි. එය වෙනස් කිරීම සඳහා ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය ද එක්ව ආණ්ඩුකාරවරයා වෙත ඉල්ලීම්ක කර තිබිණ. මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබුණේ, බහුතරය සහිත නව රජය පිහිටුවීමට අවසර දෙන ලෙසයි.

    එහෙත් ආණ්ඩුකාර සත්‍යපාල් මලික් වහා ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 22 වැනි දා ප්‍රාන්ත සභාව විසුරුවා හැරිණ. භාරතීය ජනතා පක්ෂයේ කැරළිකාර මන්ත්‍රීවරයෙකු වන, ගගන් භගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාදිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළේ, ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමේ ආණ්ඩුකාරවරයාගේ තීරණය වළක්වන ලෙස ඉල්ලමින්. පවතින ජනවරම අනූව ප්‍රාන්ත සභාවේ කාලය අවසන් වීමට නියමිතව තිබුණේ, 2020 ඔක්තෝබර් මාසයේය. එහෙත්, ප්‍රාන්ත සභාවේ තත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුකාර මලික් එය විසුරුවා හැරීමට පියවර ගෙන තිබිණ.

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 08:40

    Latest News