ඇන්ගෙලා මර්කල් පක්‍ෂ නායකත්වය අත්හරී

දෙසැ 07, 2018

    ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් මැතිවරණ පසුබෑම්වල වගකීම බාරගනිමින් පක්‍ෂ නායකත්වය අත්හරී.

    පාලක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සඳහා නව නායකයෙකු තෝරා ගැනීම අද සිදු කෙරේ. අන්ගෙලා මර්කල් මහත්මිය ඉකුත් ඔක්තෝබර් මස ප්‍රකාශ කළේ තවදුරටත් පක්‍ෂ නායකත්වයේ රැඳී සිටීමට තමා සූදානම් නොමැති බවයි.

    තම නායකත්වය යටතේ පක්‍ෂය මුහුණ දුන් පසුබෑම් හා මැතිවරණ පරාජයන්හි වගකීම ඇය භාරගනී. නව නායකත්වයක් පක්‍ෂයට අවශ්‍ය බව ජර්මන් චාන්සලර්වරියගේ පිළිගැනීමයි.

    ඒ අනුව, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මුල් පෙළේ සාමජිකයන් වන ඇනිග්‍රෙට් ක්‍රෑම්ප් සහ ෆෙඩ්රිප් මර්ස් නායකත්ව සටනේ ඉදිරියෙන් පසුවෙති. අද පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයට සහභාගි වන නියෝජිතයන් 1001 දෙනෙකුගේ ඡන්දයෙන් නව නායකයා පත්කර ගැනේ. පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වුවද ඇන්ගෙලා මර්කල් 2021 වසර දක්වා චාන්සලර් පදවිය දරනු ඇත. පක්‍ෂය ඊට සහය දක්වයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News