ඔපෙක්-බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමේ තීරණයක

දෙසැ 07, 2018

    බොරතෙල් මිල පහළ යෑම පාලනය සඳහා නිෂ්පාදනය සීමා කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කරයි.

    ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් වියානා නුවරදී පැවැත්වූ සාකච්ජා අතුරතුරදී මෙම තීරණය ගෙන තිබේ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් වන රුසියාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 1.3 දක්වා අවම කිරීමට ඔපෙක් සාමාජික රටවල් එකඟතාවකට පැමිණෙනු ඇතැයි, අපේක්‍ෂා කෙරේ.

    මේ වනවිට ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වීමත්, අමෙරිකානු නිෂ්පාදන වැඩිවීමත් හේතුවෙන් තෙල් අතිරික්තයක් ඇති විය හැකි බවට පවතින විශ්වාසය පදනම් කරගනිමින් බොරතෙල් මිල පහත වැටෙමින් පවතී. එහෙත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටියේ, ලෝක වෙළෙඳ පොළට නිකුත් කරන ඛනිජ තෙල් ප්‍රමාණය ඉහළ නංවන ලෙසයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News