ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ජාත්‍යන්තරයෙන් විරෝධයක්

ජන 07, 2020

    ඉරානයේ සංස්කෘතිය වටිනාකමක් ඇති ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කරන ලද ප්‍රකාශයට ජාත්‍යන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගියදා කියා සිටියේ ඉරානයේ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන ඇතුළු ඉලක්ක 52ක් තමන් හඳුනාගෙන ඇති බවයි. ඉරාන හමුදා නායක බ්‍රිගේඩියර් ජෙනරාල් කාසෙම් සොලෙයිමානි, ඝාතනයට පළි ගැනීමක් වශයෙන් ඉරානය කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට පිළිතුරු වශයෙන් ඉතා ඉක්මන් සහ දැඩි ප්‍රහාර මෙම ඉලක්ක 52 වෙත එල්ල කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ.

    ඔහුගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර නීතියට පටහැනි බවයි බොහෝ ආයතන පවසන්නේ. ගැටුම් අවස්ථාවක දී හෝ අනෙකුත් ඕනෑම අවස්ථාවක දී සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කිරීමට අමෙරිකාව සහ ඉරානය යන රටවල් දෙකම අන්තර්ජාතික ප්‍රඥප්ති අත්සන් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 10:54

    Latest News