ශ්‍රව්‍යාබාධිත 20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

නොවැ 30, 2018

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ශ්‍රව්‍යාබාධිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් ශුරතාව හිමිකර ගැනීමට, ශ්‍රී ලංකාව අද සමත් වුණා.

    ඒ, අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 36කින් පරාජයට පත් කරමින්. තරගාවලිය පැවැත්වුණේ, ඉන්දියාවේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 145ක් රැස් කළා.

    ගිමදු මැල්කම් ලකුණු 41ක් ලබාගත්තා. ලකුණු 146ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

     


    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 01 දෙසැම්බර් 2018 09:24

    Latest News