චන්දිමාල් නවසිලන්ත සංචාර සංචිතයට

නොවැ 30, 2018

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් අනුමත කර තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරය සඳහා දෙසැම්බර් 4 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි. නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කර ඇත.

    සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර වේගපන්දු යවන්නන් ලෙස තරගාවලියට එක්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේ දී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ කෞශාල් සිල්වා සංචිතයෙන් ඉවත් කර ඇති අතර ලහිරු තිරිමාන්න සහ සදීර සමරවික්‍රම මෙම සංචාරයට එක්කර ඇත. ප්‍රථම ටෙස්ට් තරගය දෙසැම්බර් 15 සිට 19 වැනි දා දක්වා පැවැත්වේ. දෙවැනි තරගය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වනු ඇති.

    Sri Lanka Test Squad for the New Zealand Tour

    SQUAD

    1.)  Dinesh Chandimal - Captain 2.) Dimuth Karunaratne – Vice Captain 3.) Kusal Mendis 4.) Dhananjaya De Silva 5.) Angelo Mathews  6.) Roshen Silva 7.) Niroshan Dickwella  8.) Danushka Gunathilaka

    9.) Lahiru Thirimanne 10.) Sadeera Samarawickrama 11.) Dilruwan Perera 12.)  Lakshan Sandakan 13.) Suranga Lakmal 14.) Nuwan Pradeep 15.) Kasun Rajitha 16.) Lahiru Kumara 17.)  Dushmantha Chameera

    Last modified on සිකුරාදා, 30 නොවැම්බර් 2018 13:17

    Latest News