ශ්‍රී ලංකා - පාකිස්තාන 2 එක්දින තරගය සැප්තැම්බර් මස 30 ට කල් යයි

සැප් 28, 2019

    ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ දෙවන තරගය සැප්තැම්බර් මස 29 වැනිදා කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එය 30 වැනිදා දක්වා කල් දමා තිබේ.

    ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ(27) අත්හැර දැමීමට සිදුවිය.

    කරච්චි නගරයේ අයහපත් කාලගුණය සහ ක්‍රීඩාංගණය සූදානම් කිරීමට කාලය අවශ්‍ය බැවින් මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ සඳහා සම්පූර්ණ දින 02ක් ක්‍රීඩාගණයේ කාර්ය මණ්ඩලය ඉල්ලා තිබීම නිසා දෙරටේ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබේ.

    Latest News