“එස්.එල්.ටී ස්පීඩ් අප්“ පාපැදි සවාරිය හෙට අවසන්

සැප් 27, 2019

    “එස්.එල්.ටී ස්පීඩ් අප්“ පාපැදි සවාරියේ පස්වන සහ අවසන් දිනය හෙට.

    අද දිනයේ පිරිමි පාපැදි තරගය පැවැත්වුණේ අදියර දෙකකින්. පළමු අදියර කුරුණෑගල, අනුරාධපුර හරහා වවුනියාවෙන් නිමාවිය. එහි දුර කිලෝ මීටර 163ක්. දෙවැනි අදියර, වවුනියාව සිට ත්‍රිකුණාමලය දක්වා පැවැත්වූ අතර එහි දුර කිලෝ මීටර 98ක්. පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ චමෝද් ද සිල්වාට හිමිවිය. “එස්.එල්.ටී. ස්පීඩ් අප්“ කාන්තා පාපැදි තරගය ද අද කොළඹින් ආරම්භ කෙරිණ. ප්‍රථම දිනය සඳහා තරගය නිමාවුණේ කුරුණෑගලින්. කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.එස්. දිල්හානි දිනාගැනීමට සමත්වූවාය. “එස්.එල්.ටී. ස්පීඩ් අප්“ පාපැදි සවාරිය හෙට අවසන් වේ.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 20:03

    Latest News