ප්‍රබල අයර්ලන්තය පරදා ජපානයට අතිවිශිෂ්ඨ ජයක්

සැප් 28, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවති තරගයකදී ජපාන කණ්ඩායම පෙරළිකාර ජයක් වාර්තා කර තිබේ.

    ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ජපානය අතිවිශිෂ්ට ජයක් ලබා ඇත. ලෝක කුසලාන රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 12ට 9ක් ලෙස පෙරමුණ ගත්තේ ප්‍රබල අයර්ලන්තයයි.

    නමුත් දෙවන අර්ධයේදී අයර්ලන්තයට නොසිතූ අභියෝගයක් එල්ල කරමින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වූ ජපානය එම අර්ධයේදී ලකුණු 10ක් රැස් කිරීමට සමත්විය. ජපාන ක්‍රීඩකයන්ගේ අභියෝගය හමුවේ අයර්ලන්තයට දෙවන අර්ධයේදී කිසිදු ලකුණු රැස් කිරීමට හැකිවූයේ නැත.

    ඒ අනුව ලකුණු 19ට 12ක් ලෙස ඓතිහාසික ජයක් ලබමින් ජපානය A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වී ඇත.

    Latest News