පකිස්තාන සංචාරයට සහභාගිවීම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ප්‍රතික්‍ෂේප කරයි

සැප් 09, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එළඹෙන පකිස්තාන තරග සංචාරයට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

    මේ අතර එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ලහිරු තිරිමාන්න පත් කිරීමට නියමිත බව වාර්තාවේ. ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන 27 වැනිදා සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා පකිස්තාන සංචාරයට එක්වීමට නියමිතයි. එහිදී එක්දින සහ 20-02 තරගාවලියකට සහභාගි වේ. පකිස්තානයේ ආරක්‍ෂිත සැලසුම පිලිබඳ ක්‍රීඩකයින් දැනුවත් කිරීම සඳහා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සාකච්ජාවක් පැවැත්විණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ එම සාකච්ජාවේදී ක්‍රීඩකයින්ට තරගාවලියට සහභාගිවීම පිළිබඳ තීරණය කිරීමට නිදහස ලබාදුන් බවයි. ඒ අනුව, 20-20 නායක ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න තරගාවලියට සහභාගිවීම ප්‍රතික්‍ෂේප කළ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    Latest News