පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී නව වාර්තා 3ක්

සැප් 09, 2019

    ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි ශුරතාවය දිනා ගැනීමට යුද හමුදා පාබල රෙජිමේන්තුව සමත්විය.

    කාන්තා ශුරතාව දිනා ගත්තේ, කොළඹ රිහෑබ් ක්‍රීඩා සමාජයයි. ජාතික පැරා ඔලිම්පික් කමිටුව සංවිධාන කළ තරගාවලිය මෙවර පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී. තරගාවලියේ දී නව වාර්තා 34ක් පිහිටුවීමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සමත්වූහ. තරග පැවැත්වුණේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. තරගාවලියේ දී නව වාර්තා 3ක් පිහිටුවීමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සමත්වූහ. තරග පැවැත්වුණේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්, දෘශ්‍යාබාධිත පුද්ගලයින් සහ ශාරීරික ආබාධ සහිත හා බුද්ධි ඌණතා සහිත පුද්ගලයින් ලෙස කාණ්ඩ තුනකින්. මෙහිදී පාබල රෙජිමේන්තුව, පිරිමි ශුරතාව දිනා ගනිද්දී, අනු ශුරතාව දිනා ගත්තේ, විජයබා රෙජිමේන්තුවයි. කොළඹ රිහෑබ් ලංකා ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාවත්, සීදූව වෘත්තීය පුහුණු ක්‍රීඩා සමාජය අනු ශුරතාවත් දිනා ගත්තේය. අමිල ප්‍රසන්න වසරේ පැරා ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

    කෘතිම පාද පළදින්නන්ගේ ක්‍රීඩා උත්සවය කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී ඊයේ පැවැත්විණ. කොළඹ අසරණ-සරණ සමිතිය මගින් මෙය සවිධාන කර තිබුණේ 29 වැනි වරටයි. ක්‍රීඩා උත්සවය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 350කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, තරග ඉසව් 64ක් එහිදී පැවැත්විය.

    Latest News