ලෝක කුසලාන දැල්පන්දු අද තරගයේ ජය ශ්‍රී ලංකාවට

ජූලි 19, 2019

    ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ සිංගප්පූරුව සමඟ අද (19) පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    ඒ අනුව, ශ්‍රී ලංකා පිල තරගාවලියේ කණ්ඩායම් අතර, 15 වැනි ස්ථානය හිමිකර ගෙන සිටී. දැල්පන්දු තරගාවලිය පැවැත්වෙන්නේ, එංගලන්තයේ ලිවර්පූල් හිදී. සිංගප්පූරුව සමඟ තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉහළ දක්‍ෂතා පෙන්නුම් කළාය. ඔවුන් පළමු අර්ධයේ දී ලකුණු 43ක් රැස් කළ අතර, ප්‍රතිවාදී සිංගප්පූරු කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 28ක්. දෙවැනි අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35ක් සහ සිංගප්පූරු කණ්ඩායම ලකුණු 29ක් රැස් කළාය. ඒ අනුව, ලකුණු 78-57ක් ලෙස තරගය ජය ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි. තර්ජනී ශිවලිංගම් මේ තරගයේ දී ගෝල 77ක් සාර්ථක කර ගැනීම විශේෂත්වයක්.

    Latest News