බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට

ජූලි 20, 2019

    ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම අද (20) දිවයිනට පැමිණියේය.

    තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වේ. තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්. ඒ, නිත්‍ය නායක මෂ්රාෆි මොර්ටසා ආබාධයක් හේතුවෙන් මීට සහභාගි නොවීම හේතුවෙන්. ඊට අමතරව ලෝක කුසලානයට සහභාගි වූ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියට සහබාගි වන්නේ නැහැ. දෙරට අතර, පුහුණු තරගය ලබන 23 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තරගාවලියේ එක් දින තරග තුන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ, දිවා-රාත්‍රී තරග ලෙසයි.

    එම සියලු තරග රූපවාහිනි අයි නාලිකාවෙන් සජිව ලෙස විකාශය කෙරේ.

    Latest News