ලෝක ශූරයන් අගමැතිනිය හමුවේ

ජූලි 16, 2019

    ලෝක ශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ සුබ පැතුම් එක් කළාය.

    කණ්ඩායම සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුව සිදුවුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී. මෙහිදී ජයග්‍රාහී කණ්ඩායම සහ අග්‍රාමාත්‍යවරිය ජායාරූපයකට ද පෙනී සිටියේය. ඇය ප්‍රකාශ කර සිටියේ, කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ තමා සතුටු වන බවයි. එංගලන්තය ලෝක ක්‍රිකට් කිරුළ ජයගත් පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර, ඉයොන් මෝර්ගන් ප්‍රමුඛ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පාසල් දරුවන් සමඟ ද ජයග්‍රහණය සමරා තිබිණ. ඒ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතන මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ, පාසල් දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම සම්බන්ධයෙන් කැමැත්තක් ඇති කිරීම සඳහායි.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 19:40

    Latest News