2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

ජූලි 15, 2019

    ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්දින ලෝක ක්‍රිකට් කිරුළ ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

    ඒ අවසන් මහා තරගයේ දී නවසීලන්තය පරාජය කරමින්. ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. නවසීලන්ත ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකල්ස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 29ක් වන විට ගප්ටිල් ලකුණු 19කට දැවී ගියේය. නායක කේන් විලියම්සන් ලකුණු 30යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රි නිකල්ස් ලකුණු 55ක් රැස් කළේය. රොස් ටේලර් ලකුණු 15කට දැවී ගිය අතර, ජේම්ස් නීෂම් ලකුණු 19යි. ලකුණු 47ක් රැස්කළ ටොම් ලේතම් දැවී ගියේ, නවසීලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස. නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝකස් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර, ලියම් ප්ලන්කට් ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තේය. පිළිතුරු ලෙස ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් ජෛ්සන් රෝයි සහ ජොනී බෙයිස්ටෝ එංගලන්ත ඉනිම ආරම්භ කළේය. රෝයී ලකුණු 17කට දැවී ගිය අතර, ජෝරුට් ලකුණු 7ක් රැස් කළේය. එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4 දැවී ගියේ ලකුණු 86කට.

    අනතුරුව, 5 වැනි කඩුල්ල සඳහා ජෝස් බට්ලර් සහ ක්‍රිස් වෝර්ස් ලකුණු 110ක සබඳතාවක් ගොඩ නැගීය. බට්ලර් දැවී ගියේ ලකුණු 59කට. බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 84ක් ලබා ගත්තේය. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළෙ ලකුණු සංඛ්‍යාව 241ක්. කණ්ඩායම් දෙකම සම ලකුණු රැස් කිරීම හේතුවෙන් තරගයේ ජය පරාජය තීරණය කර ගැනීමට සුපිරි පන්දුවාරය බැගින් දෙපිළිටම ලබාදුනි. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව 15ක්. පිළිතුරු ලෙස නවසීලන්තයට ද එම පන්දු වාරයේ දී ලබා ගැනීමට හැකිවුණෙ ්ලකුණු 15ක් පමණයි. එහිදී ද ලකුු සමවීය නිසා, තරගයේ ජයග්‍රහණය හිමිවුණේ මෙම තරගයේ දී වැඩිම හයේ සහ හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ එංගලන්ත කණ්ඩායමටයි. ඔවුන් තරගයේ දී හයේ හා හතරේ පහර 26ක් එල්ල කර තිබූ අතර, ප්‍රතිවාදී ක්‍රිකට් ඉතිහාසයේ අවසන් වහා තරගයක් සුපිරි පන්දු වාරය දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්වූ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාස ගත විය. මෙවර සත්කාරකත්වය දැරූ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලානයක් හිමිකර ගත් පළමු අවස්ථාව ද මෙයයි.

    Last modified on සදුදා, 15 ජූලි 2019 08:01

    Latest News