දැල්පන්දු දෙවන තරගයෙන් ද ශ්‍රී ලංකාවට පරාජයක්

ජූලි 13, 2019

    ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ද උතුරු අයර්ලන්තය හමුවේ අද පරාජයට පත්විය.

    තරගාවලිය පැවැත්වෙන්නේ, එංගලන්තයේ ලිවර්පූල්හිදී. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආක්‍රමණශිලී ලෙස ක්‍රීඩා කළත්, උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වූවාය. ප්‍රථම බායට නිමාවන විට ලකුණු පුවරුව දැක්වුණේ, 34-25ක් ලෙසයි. තරගය නිමාවන විට ලකුණු පුවරුව 67-50ක් ලෙස, දැක්වුණු අතර, ඒ අනුව ගෝල 14කින් උතුරු අයර්ලන්තය ජයගත්තේය.

    Latest News