එංගන්තය වසර 27කින් පසු අර්ධ අවසන් වටයට

ජූලි 04, 2019

    එංගලන්තය ඊයේ (03) ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීමට සමත් විය.

    එංගලන්තය කණ්ඩායමක් අර්ධ අවසන් වටයට පිවසියේ වසර 27කට පසුවයි. ඔවුන් ඊයේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කිරීමට සමත් විය.

    තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළේය. එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය.

    පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 45ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 186ක් පමණි.

    සාර්ථක වූ එකම පිතිකරුවා වෙමින් ටොම් ලැතම් ලකුණු 57ක් රැස් කළා. නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ 03වන පරාජය ද මෙයයි. ඔවුන් මේ දක්වා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිස සිටින කිසිඳු කණ්ඩායමක් පරාජයට පත්කර නොතිබීම ද විශේෂත්වයකි.

    නවසීලන්ත කණ්ඩායම අර්ධ අවසන් වටයට පිවිසී සිටියද පාකිස්තානය එළඹෙන තරගයේ දී බංග්ලාදේශය පරාජය කළහොත් ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ද නවසීලන්තයේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව හා සම වනු ඇත.

    ඒ අනුව අවසන් තීරණය ගනු ලබන්නේ කණ්ඩායම් 02හිම දළ ලකුණු වේගය මතයි. මේ අතර ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක කුසලාන තරගය අද පැවැත්වේ.

    table

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 10:50

    Latest News