බෙන්ෆොක්ස්ට ලක්මාල්ගෙන් පිළිතුරක්

නොවැ 07, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්ත ප්‍රථම ඉණිම ලකුණු 342කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

    එංගලන්ත ඉණිම ආරම්භයේ දී අසාර්ථක කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය සමත්වූ අතර ඒ අනූව, ලකුණු 103කට කඩුලු 5ක් දවා ගැනිණ. එහෙත්, 6 වැනි කඩුල්ල සඳහා එක්වූ බෙන් ෆෝක්ස් සහ සෑම් කුරාන් ලකුණු 53ක සබඳතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමට අස්වැසිල්ලක් ගෙන එනු ලැබීය. ඉන් අනතුරුව, එංගලන්ත ඉණිම අවසන්වන තුරු කඩුල්ලේ රැඳී සිටි බෙන් ෆෝක්ස් එංගලන්තය ඉහළ ලකුණු මට්ටමකට ගෙන ඒමට සමත් විය.

    බෙන් ෆෝක්ස් සිය මංගල ටේසට් තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 107ක් වාර්තා කිරීමට සමත්වූයේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ පන්දුයැවීමේ රටාවන් මනාව අවබෝධ කරගනිමින් කඩුල්ලේ රැඳී සිටීම තුලින්. බෙන් ෆෝක්ස් ලකුණු 107ක්ව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් යැවූ පන්දුවකට පහරක් එල්ල කිරීමට ගොස් ධනංජය සිල්වා වෙත උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.

    සෑම් කුරාන් ලකුණු 48යි. දිල්රුවන් පෙරේරා ලකුණු 75/5යි. ලක්මාල් 73/3යි.

    Latest News