අද ශ්‍රී ලංකාවට අහිමිවූ බෙන් ෆොක්ස්ගේ කඩුල්ල

නොවැ 06, 2018

    සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනවූ අද තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් රැස්කර ගැනීමට සමත්වූහ.

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. අද දිනයේ දිවා විවේකයට පෙර ලකුණු 103කට කඩුලු 05ක් දවා ගැනීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත්වූහ.

    හය වැනි කඩුල්ල සඳහා ජෝස් බට්ලර් සහ බෙන් ෆොක්ස් එක්ව ලකුණු 61 සම්බන්ධතාවක් ගොඩනැගීමත් සමඟ කඩා වැටී තිබූ එංගලන්ත ඉනිමට නව ජවයක් ලැබිණ. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ රිද්මයන් මනාව අවබෝධ කරගත් බෙන් ෆොක්ස් අද දිනය අවසන් වනතුරුම එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පිටියේ රැදී සිටිමට සමත්විය. එහිදී ජෝස් බට්ලර් ලකුණු 38 සහ සෑම් කරන්ට් ලකුණ 48 ලබාගනිමින් බෙන් ෆොක්ස්ට අනගි සහයක් ලබාදුනි.

    ඒ අනුව දිනය අවසන් වනවිට බෙන් ෆොක්ස් නොදැවී ලකුණු 87ක් සහ ජැක් ලීච් ලකුණු 14ක් ලබා කඩුල්ලේ රැදී සිටී.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පා දඟ පන්දු යවන රංගන හේරත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 430 වෙනි කඩුල්ල අද දවාගැනිමට සමත් වූ අතර, එය ඔහු ගාල්ල ක්‍රීඩාංගනයේ දවාගත් සියවැනි කඩුල්ලයි. අද දිනයේ දී එංගලන්ත පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ලැබුවේ ඩිල්රුවන් පෙරේරා විසින්. ඔහු ලකුණු 70ට කඩුලු 04ක් දවාගැනිමට සමත්විය. 

    සුරංග ලක්මාල් 57/2යි, රංගන හේරත් 78/1යි.

     

    Last modified on අඟහරුවාදා, 06 නොවැම්බර් 2018 19:01

    Latest News