ශ්‍රී ලංකාව - එංගලන්ත අභියෝගය වැඩිවේ

නොවැ 07, 2018

    අද තරගයේ දෙවැනි දිනය වූ අතර එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 08කට ලකුණු 321ක් රැස්කරගෙන සිටියදී දිනය ආරම්භ කෙරිණ.

    ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 342කට දැවී ගියේය. ඉන් අනතුරුව ප්‍රථම ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203කට සීමා කිරිමට එංගලන්ත කණ්ඩායමේ මොයින් අලි ප්‍රමුඛ දඟපන්දු බලඇණිය සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ ක්‍රීඩකයින් කිසිවෙකුට ස්ථාවරවීමට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබානොදුන් අතර, ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 50 සීමාව පසුකිරීමට සමත්විය.

    ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52යි, දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි. මොයින් අලි ලකුණු 66ට කඩුලු 04ක් සහ ජැක් ලීච් ලකුණු 41කට කඩුලු 02ක් දවාගැනීමට සමත්වූහ. එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිමේදී කඩුලු 10ක් අතැතිව ලකුණු 177ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටී. හෙට තරගයේ තෙවන දිනයයි.

    Latest News