රංගන ගාල්ලේ දී 100 යි

නොවැ 06, 2018

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් පාඳග පන්දු වයන රංගන හේරත් සිය ටෙස්ට් ක්‍රිකට් ජිවිතයේදී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලීමට සමත්වෙයි. 

    ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ අද ආරම්භ වු පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත නායක ජෝ රූට් දවා ගැනීමත් සමගයි.

    රංගන විසින් යැවූ දෙවන පන්දු වාරයේ පළමු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 36ක් ලබා සිටි ජෝ රූට් දැවි දැවි ගියේය.

    40 වැනි වියේ පසුවන රංගන මේ වන විට ටෙස්ට් තරග 92 සහභාවි කඩුලු 430 දවා ගැනිමට සමත්ව සිටියි.

    Latest News