දිමුත් එක්දින කණ්ඩායමේ නායකත්වයට...... ඇමැතිගේ අනුමැතිය ලැබේ

අප්‍රේ 17, 2019

    දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.

    එ අනුව 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගිවන ශ්‍රි ලංකා කණ්ඩායම නායකත්වය වගකීම ද ඔහුට පවරා ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් පවසයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් ගනු ලැබු මෙම තීරණයට ක්‍රීඩා ඇමති හරීන්ගේ ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවි තිබේ.

    දිමුත් කරුණාරත්න 2012 වසරේ නොවැම්බර් මස නව සීලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගයෙන් ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගත්තේය. මේ වන විට තිස් එක් හැවිරිදි දිමුත් කරුණාරත්න පසුගිය වසර 07 කාලයේදි ටෙස්ට් තරග 60 කට ක්‍රීඩා කර තිබේ. ඔහු ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස රැස්කර ගෙන ඇති ටෙස්ට් ලකුණු ගණන 4074 ක් වේ. එක්දින තරග 17 කට ක්‍රිඩාකර ඇති දිමුත් කරුණාරත්න ලබා ගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 190කි.

    පසුගියාද අවසන් වු දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියේදි නායකත්වයේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරිමෙන් පසු එම තරගාවලිය ජයග්‍රහනය කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකි වුයේය. මෙම තරගාවලියේදි ඔහු විසින් පෙන්නුම් කළ නායකත්වයේ විශිෂ්ඨ ලක්ෂණ හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කිරිම ගැන සංවාදයක් ගොඩනැගී තිබිණ

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 20:31

    Latest News