ස්මිත්, වෝනර්ගේ ජවය සමගින් ඕස්ට්‍රේලියා සංචිත නම් කෙරේ

අප්‍රේ 15, 2019

    2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබේ.

    පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වසරක තරග තහනමට ලක්වු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි කැඳවමින් 15 දෙනාගේ සංචිතයට ඇතුලක් තිබීම විශේෂත්වයක්.

    මේ අනුව ලෝක කුසලාන ඔස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය ආරම්භක පිතිකරු එරොන් ෆින්ච්ට පිරිනමා ඇති අතර ජේසන් බෙහෙරෙන්ඩොෆ්, ඇලෙක්ස් කේරි , නේතන් කෝලට්ර නයිල්, පැට් කමින්ස්, උස්මන් කාවාජා, නේතන් ලයන්, ශෝන් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ජායි රචඩ්සන්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස් හා ඇඩම් සැම්පා ඇතුලත්වේ.

    පසුගිය කාල සීමාවේදී දක්ෂතා දැක්වු පීටර් හැන්ඩ්ස්කොම්බ් හා ජොෂ් හැසල්වුඩ් මෙවර ඔස්ට්‍රේලායානු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවිම ද සුවිශේෂිවේ.

    australiateam1 px 900 19 04

    Latest News