ගාල්ලට සහ කොළඹට සම ශුරතාව

අප්‍රේ 11, 2019

    අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සම ශුරතාව දිනා ගැනීමට ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අද සමත්වූහ.

    ඒ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමඟ. තරගය අද පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ දී, ගාල්ල කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයෙන් සහ කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග වැදුණි.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 337ක් රැස් කළේය. වැඩිම ලකුණු ලාභියා වූ ලහිරු තිරිමාන්න ලබාගත් ලකුණු සංඛ්‍යාව 115ක්. වනිඳු හසරංග වේගවත් ලකුණු 87ක් රැස් කිරීමට සමත්විය.

    එහෙත් කොළඹ කණ්ඩායමට කිසිදු පන්දු වාරයක් සඳහා ක්‍රීඩා කිරීමට හැකිවුණේ නැහැ. වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය තීරණයකින් තොරව නිමාවට පත්විය. තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනාගත් අතර, දක්‍ෂතම පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ගාල්ල කණ්ඩායමේ ධනංජය ද සිල්වා.

    Latest News