IPL- දිල්ලි කැපිටල්ස් ජයගනී

අප්‍රේ 07, 2019

    ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර බෙන්ගලූරුහිදී අද (07) පැවති තරගයේ ජය හිමිවූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටයි.

    ඒ, කඩුලු හතරකින්. දිල්ලි නායක ශ්‍රීයාස් අයියර් ලකුණු 67ක් රැස්කිරීමට සමත්විය. 

    දිල්ලි කැපිටල්ස් පිලේ නායක ශ්‍රියාස් අයියර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බැංගලෝර් පිලට ආරාධනා කළේය. පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 149 ක් රැස්කළේය.

    නායක විරාට් කෝලි පන්දු 33කට මුහුණ දී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබාගැනීමට සමත්විය. මුයින් අලී සහ විරාට් කෝලි අතර සිවුවැනි කඩුල්ලට පන්දු 25 කින් ලකුණු 36 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. මුයින් අලී පන්දු 18 කින් හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 32 ක් ලබාගත්තේය.

    කාගිසෝ රබාඩා අනගි පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 21 කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.

    Latest News