සචිත්‍ර සේනානයක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාරගත කරයි

සැප් 06, 2023

    තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානයක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

    අද පෙරවරුවේ සචිත්‍ර සේනානායක ක්‍රීඩා දූෂණ විමර්ෂණ ඒකකයට භාර වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණා

    සචිත්‍ර සේනානායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලැබුවේ ඉන් අනතුරුවයි

    තරග පාවා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ලව තිබෙන චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට මීට පෙර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා.

    Latest News