රැජිණගේ රටේ වාර්තාව අලුත් කළ අපේ ක්‍රීඩිකාවෝ

සැප් 07, 2023

    එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික 20/20 තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

    ඒ 3 වැනි 20/20 තරගයද කඩුලු 7කින් ජය ගනිමින්.

    එංගලන්තයේ ඩර්බි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පහර දුන් එංගලන්ත ක්‍රීඩිකාවන් පන්දු වාර 19 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු එකසිය දාසයක් පමණයි.

    මයියා බවුචර් ලකුණු 116 යි.

    පන්දු යැවීමේදී චාමරි අතපත්තු කඩුලූ 3 ක් දවා ගත්තා.

    උදේශිකා ප්‍රබෝදිනී සහ කවීශා දිල්හාරි අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

    පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ පන්දුවාර 17 කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 117ක් රැස් කරමින්.

    චමරි අතපත්තු ලකුණු 44 යි.

    හර්ශිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා..

    මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය හිමි වුණේ තරග දෙකට එකක් ලෙසයි.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගත ගත් පළමු අවස්ථාව මෙයයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:23

    Latest News