පිටියේ සටනට එංගලන්තයට

අගෝ 24, 2023

    එංගලන්ත තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත් ගියා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ‍තරගාවලි සඳහා පසුගියදා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළා.

    චමරි අතපත්තු කණ්ඩායම මෙහෙයවන අතර, උප නායකත්වය දරන්නේ, ඕෂධි රණසිංහ යි. තරගාවලියට 20 යි 20 තරග තුනක් සහ එක් දින තරග තුනක් ඇතුළත්.

    20 - 20 තරගාවලිය, ලබන 31 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. 

    Latest News