වසරේ ටෙස්ට් පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය

අගෝ 23, 2023

    ඉන්දියාවේ පැවති සියැට් ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වුණා.

    සම්මාන උලෙළ පැවැත්වුණේ, ඉන්දියාවේ මුම්බායි හිදී. සම්මාන උලෙළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

    වසරේ පිතිකරුවාට හිමි සම්මානය හිමි වුණේ, ඉන්දීය ක්‍රීඩක ෂුග්මන් ගිල් හටයි. වසරේ 20-20 පිතිකරුවාට හිමි සම්මානය සූර්යකුමාර යාදෙව්ට හිමි වුණා.

    වසරේ ජාත්‍යනතර ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වුණේ, ෂුග්මන් ගිල් හටයි. වසරේ ටෙස්ට් පිතිකරුවාට හිමි සම්මානය, නවසීලන්තයේ කේන් විලියම්සන්ට හිමි කර ගත්තා.

    වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස ස්ම්මානයෙන් පිදුම් ලැබුවේ, ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියයි.                                                

    Latest News