තෙවන විනිසුරු හීත් ස්ට්‍රීක් නැවත කැඳවයි !

අගෝ 23, 2023

    හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොංගා සිම්බාබ්වේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ තමා විසින්ම කරන ලද වැරදි හෙළිදරව්ව නිවැරදි කර තිබේ , ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බව ඔලොංගා කියා පවසයි.


    පණිවුඩයක් නිකුත් කරමින් ඔලොන්ගා කියා සිටින්නේ ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත කටකතාවක් පමණක් බවයි.

    “හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ කටකතා අතිශයෝක්තියට නංවා ඇති බව මට තහවුරු කළ හැකියි. මම ඔහුගෙන් ඇසුවා. තෙවැනි විනිසුරු ඔහුව නැවත කැඳවා තිබෙනවා. ඔහු බොහෝ සෙයින් ජීවතුන් අතර, ”ඔලොන්ගාගේ නව ට්විටර් පණිවිඩයෙන් කියා සිටියේය.

    ඔලොංගාගේ මෙම ක්‍රියාකලාපය සිම්බාබ්වේ සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා ලෝලීන් ගණනාවක් ව්‍යාකූල කර ඇත.

    මේ අතර, හීත් ස්ට්‍රීක් විසින්ම කටකතාව පිළිබඳව අදහස් දක්වා ඇත්තේ, “එය සම්පූර්ණ කටකතාවක් සහ බොරුවක් – මම ජීවතුන් අතර සහ හොඳින්, මේ සම්බන්ධයෙන් මම ඉතා කණගාටු වෙනවා, යනුවෙනි.

    මහා බඩවැලේ සහ අක්මා පිළිකාවෙන් පෙළෙන ස්ට්‍රීක්, මැයි මාසයේදී ඔහුගේ රෝගී තත්ත්වය නරක අතට හැරුනු නිසා , පවුලේ සාමාජිකයින් විසින් ඔහුව වහාම රෝහල් ගත කළහ.

    සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 65 කදී සහ එක්දින තරග 189 කදී ලකුණු 4933 ක් රැස්කරමින් කඩුලු 455ක් දවාගත් ස්ට්‍රීක්, ටෙස්ට් ලකුණු 1000 ක් කඩුලු 100 ක් සහ එක්දින ලකුණු 2000 සහ කඩුලු 200ක් ලබා ගත් එකම සිම්බාබ්වේ ක්‍රීඩකයා වේ.

    Latest News