යෂ්ටියේ වාර්තා අලුත්කළ අමෙරිකානුවෝ

අගෝ 20, 2023

    මීටර 400 මිශ්‍ර සහය දිවිමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා.

    ඒ හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේදීයි.මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ආරම්භයේ සිටම නෙදර්ලන්ත කණ්ඩායම සහ අමෙරිකා කණ්ඩායම කරට කර ධාවනයක නිරත වුණා.

    එම ඉසව්වේ අවසන් යෂ්ටි හුවමාරුව අමෙරිකානු සහ නෙදර්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනා සිදුකළේ එකම අවස්ථාවකයි.

    මීටර 400 කඩුළු මතින් දිවීමේ ශූරිය වන ෆෙම්කේ බොල් නෙදර්ලන්තය වෙනුවෙන් අවසන් මීටර 400 ධාවනයේ යෙදුණා.

    තරගයේ අවසන් මීටර 5 දක්වාම පෙරමුණේ සිටි නෙදර්ලන්ත ක්‍රීඩිකා ෆෙම්කේ බොල්, පය පැටලීම හේතුවෙන් බිම ඇද වැටුණේ නෙදර්ලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින්.

    මිනිත්තු 3යි තත්පර 8යි දශම 8යි 0කින් ඉසව්වෙ නිමකරමින් ලෝක වාර්තාවක්ද සමගින් රන් පදක්කම හිමිකර ගැනීමට අමෙරිකාව සමත් වුණා.

    Latest News