පය පැටලී ගිළිහුණ පදක්කම

අගෝ 20, 2023

    ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර 10,000 ඉසව්ව ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

    එම ඉසව්වේ අවසන් මීටර 400 දක්වා 6 වැනි ස්ථානයේ රැදී සිටි ඔලිම්පික් ශුරිය වන නෙදර්ලන්ත ක්‍රීඩිකා සිෆාන් හසන් අවසන් මීටර 300 සිට තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

    මීටර 10,000 ඉසව්වේ අවසානයට මීටර 80ක් පමණ ඉතිරිව තිබියදී නෙදර්ලන්තයේ සිෆාන් හසන් සහ ඉතියෝපියාවේ ගුඩාෆ් ට්සෙගේ කරට කර ධාවනයක යෙදුණා.

    ඉසව්වේ අවසන් මීටර 20 දක්වාම සිෆාන් හසන් පෙරමුණ ගත්තද අවසන් සීමාව පෙනෙන මානයෙදී ඇය පය පැටලීම හේතුවෙන් බිම ඇද වැටුණා.ඒ අවසරයෙන් ඉතියෝපියාවේ ගුඩාෆ් ට්සෙගේ එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තා.

    රිදී සහ ලෝකඩ පදක්කම්ද හිමිකර ගත්තේ ඉතියෝපියානු ක්‍රීඩිකාවෙන් දෙදෙනෙක් විසින්.

    Latest News