වසර 28 කට පසු අලුත් වූ ලෝක වාර්තාව

අගෝ 26, 2024
    මීටර 3000 පිරිමි ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෝර්වේ ජාතික ‍ජාකෝබ් ඉන්ගෙබ්‍රිස්ටන් සමත් වුණා.
    ඔහු මෙම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙලනු ලැබුවේ වසර 28 කට පසුව වීම විශේෂත්වයක්.
    ජාකෝබ් ඉන්ගෙබ්‍රිස්ටන් මෙම දක්ෂතාව දැක් වූයේ, ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සිලේසියා අදියරේදී.
    ඔහු මීටර 3000 ධාවන ඉසව්ව නිමා කිරීමට මිනිත්තු 7 යි තප්පර 17 යි දශම 5 යි 5 ක කාලයක් ගත කළා.
    එම ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම්ලාභියා ද වන ඔහු බිඳ හෙලනු ලැබුවේ,1996 වසරේදී කෙන්යාවේ ඩැනියල් නෝමේන් පිහිටුවා තිබූ වාර්තාවයි.
    එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයම ඉතියෝපියාවට හිමි වුණා.
     

    Latest News