අවිශ්ක දඹුල්ලට ජය ගෙනෙයි

අගෝ 01, 2023

    දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.  ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129 ක්.  චරිත් අසලංක ලකුණු 56 යි. 

    පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත්තා.  පිළිතුරු ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 16 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් රැස් කරමින්.  අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 යි.  තරගයේ වීරයා ලෙස නම් කෙරුණේද  අවිශ්ක ප්‍රනාන්දු.

    Latest News