අළු බඳුන සම වෙයි

අගෝ 01, 2023

    ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලකුණු 49 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

    දෙපිලම තරග දෙක බැගින් ජය ගැනීම හේතුවෙන් තරගාවලිය ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

    තරගය පැවැත්වුණේ, ලන්ඩන්හී කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී.  පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 283 ක් රැස් කළා.  ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 295 ක්.  දෙවැනි ඉනිම සඳහා එංගලන්තය ලකුණු 395 ක් රැස් කළ අතර, තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 384 ක්. 

    අවසන් දින තරගය ඊයේ ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 135 ක් ලබා සිටියා.  ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 334 කට සීමා වීමත් සමග තරගයේ ජය හිමි වූයේ එංගලන්තයටයි. 

    මේ අතර, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගයද මෙයයි.  ජාත්‍යන්ත‍ර ටෙස්ට් තරග 167 කට එංගලන්තය නියෝජනය කළ බ්‍රෝඩ් කඩුලු 604 ක් දවා ගැනීමටද සමත් වුණා.  ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 600 සීමාව පසුකළ ක්‍රීඩකයා වන්නේද ඔහුයි.

    Latest News