ශ්‍රී ලංකා - අයර් ලන්ත මංගල ටෙස්ට් ගැටුම ඇරඹේ

අප්‍රේ 16, 2023

    සංචාරක අයර් ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අදයි.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

    ආරම්භක පිතිකරණයේ වෙනසක් කරමින් දිමුත් කරුණාරත්න සමග නිෂාන් මධුෂ්ක අද තරගයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා. 23 හැවිරිදි මධුෂ්ක පසුගිය මාර්තු මාසයේ නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් වරම් ලැබුවා.

    ශ්‍රී ලංකාව හා අයර්ලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක්වන්නේ පළමු වතාවටයි. පන්දුවාර 43ක් අවසානයේ ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 172ක් ලබා සිටිනවා.

    නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් සහ නායක දිමුත් කරුණාරත්න පිළිවෙලින් ලකුණු 61ක් සහ 77 ක් ලබා සිටිනවා. ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල සඳහා ලකුණු 108 ක සම්බන්ධතාවයක් ගොඩනැගී තිබෙනවා.

    Last modified on ඉරිදා, 16 අප්‍රේල් 2023 13:51

    Latest News