ශ්‍රී ලංකාවට 168 දැවැන්ත ඉලක්කයක්

ඔක් 29, 2022

    ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. කාසිය වාසිය ජයගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව නවසිලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සහ ඩෙවෝන් කොන්වේ. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු දෙකක් වන විට ඇලන් එක් ලකුණකට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට. ඩෙවෝන් කොන්වේද එක් ලකුණකට දැවී ගියා.

    නායක කේන් විලියම්සන් ලබාගත්තේ ලකුණු 8 පමණයි. අනතුරුව සිව්වන කඩුල්ල සඳහා ග්ලේන් පිලිප්ස් සහ ඩැරල් මිචෙල් ලකුණු 84 ක සබඳතාවයක් ගොඩ නැගුවා.

    මිචෙල් සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 22 කට දැවී ගියේය ලකුණු 22 කට දැවී ගියේය වනිදු හසරංග ඒ පන්දුවකට. ග්ලේන් පිලිප්ස් අද වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ 2වැනි ශතකය. ඔහු දැවී ගියේ ලකුණු 104 කට.

    නවසීලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා. පන්දු යැවීමේදී කසුන් රජිත කඩුලු 2 යි.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 15:25

    Latest News