තව හෝරා කිහිපයක් පමණයි

ඔක් 29, 2022

    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය තරගය අද ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 01:30 ආරම්භ වනවා.

    මේ වන විට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුනු සටහන අනුව පස්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට එහි පෙරමුණ දක්වා පැමිණීමට නම් අද තරගය ජයග්‍රහණය අතිශයින්ම වැදගත්.

    මේ වන විට තරග දෙකක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව එක් තරගයක් ජය ගෙන අනෙක් තරඟය පරාජයට පත්වෙමින් ලකුණු දෙකක් සමග ලකුණු සටහනේ පස්වන ස්ථානයේ පසුවනවා.

    අද නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු දෙකක් හිමිවන අතර ඒ අනුව ඔවුන්ට ලකුණු සටහනේ පෙරමුණට පැමිණිය හැකි.

    මේ වන විට එහි පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායම යි. ඔවුන්ට හිමිවූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තුනක්. පළමු කාණ්ඩය යටතේ ඊයේ පැවති ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත තරගය මෙන්ම එංගලන්ත ඕස්ට්‍රේලියා තරඟයට වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

    ඒ අනුව අයට එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියේ ලකුණු තුනක් ද සමග. ප්‍රසාද ලකුණු සටහන සටහනේ තුන්වැනි ස්ථානය ලකුණු තුනක් සහිත අයර්ලන්තයටත් සිව්වන ස්ථානය ලකුණු තුනක් සහිත ඔස්ට්‍රේලියාවටත් හිමියි.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 08:17

    Latest News