සූර්යා,කෝලි,ශර්මා ඉන්දියාවට ඡය ගෙනෙයි

ඔක් 27, 2022

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයෙන් ලකුණු 56ක ජයක් හිමිකරගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී. තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු දෙකක් දැවී ලකුණූ 179ක් රැස් කළා. විරාත් කෝලි නොදැවී ලකුණු 62යි. නායක රෝහිත් ශර්මා ලකුණු 53යි සූර්ය කුමාර් යාදව් නොදැවී වේගවත්  ලකුණු 51 ක් රැස් කලේ පන්දු 25ක් තුළයි.

    ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස් කරගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා ටිම් ප්‍රින්ගල්. ඔහු ලකුණු 20යි. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, ඇක්සර් පටෙල් සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු දෙක බැගින් දවාගත්තා.

    Latest News