අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය මේ බව නිල වශයෙන් තහවුරු කළා. බිනුර ප්රනාන්දු පාදයේ ආබාධයකට ලක්වුයේ පසුගිය දා ඕට්රේලියාව සමග පැවති තරගය අතරතුරදී ඔහු වෙනුවට අසිත ප්රනාන්දු සංචිතයට ආදේශ කර ඇත්තේ ඒ අනුවයි.
මෙවර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගවලිය සඳහා ශ්රී ලංකා සංචියට අතිරේක ක්රිඩකයින් ලෙස අසිත ප්රනාන්දු, මතිෂ පතිරණ සහ නිරෝෂන් දික්වැල්ල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව අසිත ප්රනාන්දු පමණක් ශ්රීලංකා සංචිතයට එක් වීමට නියමිතව ඇති අතර සෙසු දෙදෙනා මෙල්බර් නුවර රැදී සිටිනු ඇති.