ඉන්දියාවට පෙරළිකාර ඡයක්

ඔක් 23, 2022

    20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර MCG හි පැවති තරගය අවසන් වූයේ ප්‍රභල ඉන්දීය කණ්ඩායමට තියුණු ඡයක් ලබා දෙමින්.

    ඉන්දීය ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් පකිස්ථානුවන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉෆ්තිකාර් අහමඩ් පන්දු 34ක් තුළ ලකුණු 51ක් ලබා ගත්තේ හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ද සමගින්. ෂාන් මසූඩ් පකිස්ථානු ඉනිමේ නැංගුරම වෙමින් ලකුණු 52ක් ලබා ගත්තේ පන්දු 42කට මුහුණ දෙමින්. පන්දු යැවීමේදී අශ්දීප් සිං හා හර්දික් පාන්ඩයා කඩුලු 3 බැගින් දවා ගත්තා.

    අවසන් පන්දුව තෙක් තීරණාත්මක වූ ඉන්දීය ඉනිම ආරම්භයේ ලකුණු 31ක් තුළ කඩුලු 4ක් බිඳ වැටී අසීරු තත්වයක තිබුණා. කෙසේ වෙතත් 5වන කඩුල්ල වෙනුවෙන් පන්දු 78ක් තුළ ලකුණු 113ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දීය පිළ ඡයග්‍රහණය කරා රැගෙන යාමට හර්දික් පාන්ඩයා සහ විරාට් කෝලි සමත් වුනා.

    පාන්ඩයා පන්දු 37 කදී ලකුණූ 40ක් රැස් කරද්දී කෝලි පන්දු 53කින් ලකුණු 82ක් රැස් කලේ හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක්ද සමගින්. ඒ අනුව කඩුලු 4ක තියුණු ඡයක් ලබන්නට ඉන්දියාවට හැකි වුනා.

    Latest News