ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා තරගය හෙට (25) පර් ත් හිදී...

ඔක් 24, 2022

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට (25) පර් ත් හිදී පැවැත්වෙනවා.

    තරගය ආරම්භ වන්නේ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ටයි. පළමු වටයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ප්‍රථමයෙන් සහභාගී වූයේ, අයර් ලන්තය සමග තරගයකටයි. හෝබාර්ට් හිදී පැවති එම තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 9 කින් ජය හිමි කර ගත්තා. ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා කණ්ඩායම සුපිරි 12 වටයේ පළමු තරගයේදී නවසීලන්තය සමග තරග වැදුණු අතර, එහිදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ලකුණු 89 ක පරාජයක් අත්වුණා.

    20-20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 4 ක් පවත්වා තිබෙනවා. ඉන් තුනක ජය හිමි කර ගත්තේ, ඔස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම, එක් තරගයක ජය හිමි කර ගත්තා. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති 20-20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 25ක්. ඉන් 15 ක ජය ඔස්ට්‍රේලියාවටත්, 10 ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වුණා. ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉකුත් වසරේදී 20-20 ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගත් අතර, ඔවුන් 2010 දී එහි අනුශූරතාවට පත් වුණා. 

    ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේදී 20-20 ක්‍රිකට් කිරුළ දිනා ගත් අතර, 2009 දී සහ 2012 දී අනුශූරතාව දිනා ගෙන තිබෙනවා. හෙට (25) තරගය පැවැත්වෙන පර් ත්  ක්‍රීඩාංගණයේ දැනට පවත්වා ඇත්තේ, 20-20 ජාත්‍යන්තර තරග තුනක් පමණයි.

    Last modified on සදුදා, 24 ඔක්තෝබර් 2022 18:34

    Latest News