ඉන්දියාවට ලකුණු 160ක ඉලක්කයක්

ඔක් 23, 2022

    මෙවර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු පකිස්ථාන් සටන මෙ වන විට පැවැත්වෙනවා.

    මෙල්බන් පිටියේ ඉන්දීය ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් පකිස්ථානුවන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉෆ්තිකාර් අහමඩ් පන්දු 34ක් තුළ ලකුණු 51ක් ලබා ගත්තේ හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ද සමගින්. ෂාන් මසූඩ් පකිස්ථානු ඉනිමේ නැංගුරම වෙමින් ලකුණු 52ක් ලබා ගත්තේ පන්දු 42කට මුහුණ දෙමින්.

    පන්දු යැවීමේදී අශ්දීප් සිං හා හර්දික් පාන්ඩයා කඩුලු 3 බැගින් දවා ගත්තා.

    Latest News