20-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

ඔක් 11, 2022

    පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද (11) ආරම්භ වෙයි.

    ශ්‍රී ලංකාවේ පළමු පෙරහුරු තරඟය අද පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා අයර්ලන්තය සමඟ ද තවත් පෙරහුරු තරඟයකට එක්වීමට නියමිතයි.

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පෙරහුරු තරඟ ආරම්භ වූයේ ඊයේ දිනයේයි. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 17 කින් පරාජය කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

    ඊයේ පැවති දෙවන තරඟයෙන් ස්කොට්ලන්තය විසින් නෙදර්ලන්තය පරාජය කරනු ලැබුවේ ලකුණු 18 කින්.

    මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන, ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතයි.

    Latest News