වනිදු ඉදිරියට...

ඔක් 05, 2022

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීම විශේෂත්වයක්. නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව වනිදු එක් ස්ථානයක් ඉදිරියට පැමිණි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මීට පෙර වනිදු හසරංග සිව්වැනි ස්ථානයේ පසුවුණා. පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙන්නේ, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජොස් හෙයිසල්වුඩ්‍. මහේෂ් තීක්ෂණ හත්වන ස්ථානයේ පසුවනවා.  20-20 පිතිකරුවන් අතර, පෙරමුණ පකිස්තානු ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ට හිමිවුණා. පැතුම් නිස්සංක එහි අටවන ස්ථානයේ පසුවනවා. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර තවදුරටත්  වනිදු සිව්වන ස්ථානයේ පසුවනවා.

    Latest News