කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ලකුණු 11 ක ජයක්...

ඔක් 03, 2022

    කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, බංග්ලාදේශයේ සිල්හෙට් හිදී. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුලු 9 කට ලකුණු 109 ක් රැස් කළා. හර් ෂිතා සමරවික්‍රම ලකුණු 37 යි. පන්දු යැවීමේදී මහීකා ගෞරි කඩුලු 3 ක් දවා ගත්තා. තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම නිසා එක්සත් අරාබි ක්‍රීඩිකාවන්ට පන්දු වාර 11 ක් තුළ ලකුණු 66 ක ඉලක්කයක් හිමි වුණා.

    කෙසේ වෙතත්, එක්සත් අරාබි ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළ රැස් කර ගත හැකි වූයේ, ලකුණු 54 ක් පමණයි. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා. තරගයේ වීරයා හර් ෂිතා සමරවික්‍රම.

    Latest News